ඇඳිරි නීතිය ඉවත් කෙරෙන දිස්ති‍්‍රක්කවල පොදු ප්රවාහන සේවා අද (20) සිට ආරම්භ කෙරුණ ද එය භාවිත කළ හැක්කේ අත්‍යාවශ්‍ය සේවා සඳහා යන මගීන්ට පමණක් බව මගී ප‍්‍රවාහන කළමණාකරණ අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.
අද සහ හෙට (21) පොදු ප‍්‍රවාහන බස් රථ ධාවනය දිස්ති‍්‍රක් මට්ටමින් පමණක් සිදු කෙරෙන බවයි, නෙත් නිවුස් කළ කරුණු විමසීමකදී අමාත්‍යවරයා කියා සිටියේ.
ඇඳිරි නීතිය ඉවත් කෙරුණු ප‍්‍රදේශවල දුම්රිය ධාවනය සිදු කෙරෙන ආකාරය ද මෙහිදී පැහැදිලි කෙරුණා.
එහිදී සඳහන් කෙරුණේ දුම්රිය ධාවනයද සිදු වන්නේ ඇඳිරි නීතිය ක්‍රියාත්මක නොවන ප්‍රදේශවල බවයි. 22 වැනිදා සිට පවතින තත්ත්වය වෙනස් කිරීමට උපරීම උත්සහ කරන බවද සඳහන් කෙරුණා.
රජය ලබා දී ඇති උපදෙස් අනුව බස් රථවල සීමිත මගීන් පිරිසක් ප‍්‍රවාහනය කිරීමට කටයුතු කරන ආකාරය සම්බන්ධයෙන් ලංකා ගමනාගමන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ධාවන පණ්ඩුක ස්වර්ණහංස නෙත් නිවුස් වෙත කරුණු දැක්වූවා.
එහිදී සඳහන් කෙරුණේ රියදුරු සහ කොන්දොස්තර මහතුන්ගේ සහයෝගය මේ වෙනුවෙන් වැඩි වශයෙන් අවශ්‍ය බවයි.
ඒ සඳහා මගී ජනතාවගේ ද සහය අවශ්‍ය වන බවයි මෙහිදී ප‍්‍රකාශ කෙරුණේ.
පෞද්ගලික බස් රථ ධාවනය සිදු කරන ආකාරය පිළිබඳ ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න කරුණු දැක්වූවා. එහිදී ඔහු පෙන්වා දුන්නේ මුල් දින 40 තුළ මගීන් ප්‍රමාණවත් සංඛ්‍යාවක් නොමැති නිසා පෞද්ගලික බස් ධාවනය අසීරු බවත් ඒ වෙනුවෙන් කිලෝමීටරයට ගෙවන පරිදි මූල්‍යමය ආධාරයක් ලබා දෙන ලෙස ප්‍රවාහන අධිකාරීවලට දැනුම් දී ඇති බවත් සඳහන් කළා.
(Neth)