කොරෝනා වෛරසය රට තුළ ව්‍යාප්ත වීමත් සමග මතුව ඇති තත්ත්වයන් හේතුවෙන් ආර්ථික දුෂ්කරතාවයන්ට මුහුණ පා සිටින පිරිස් වෙත රජය විසින් ලබා දෙන රුපියල් 5000/= දීමනාව අද (20) සිට තවත් පිරිසකට ප‍්‍රදානය කෙරෙනවා.
ඒ පිළිබඳ කරුණු දැක්වූයේ සමෘද්ධි අධ්‍යක්ෂ ජනරාල් බන්දුල ගුණතිලකයි.
සමෘද්ධි අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩි දුරටත් සඳහන් කළේ කිසියම් හේතුවක් මත මෙම ප්‍රතිලාභ යම් පවුල් ඒකකයක් මත නොලැබී යාම ගැන කලබල නොවී තමන්ට ඊට හිමිකමක් ඇති බව හැඟෙනවා නම් ඒ පිළිබඳව කඩිනමින් ආභියාචනය තමන්ගේ ප්‍රාදේශීය ලේකම්වරයා වෙත ඉදිරිපත් කිරීමට හැකි බවයි.
(Neth)