ආරක්ෂක හමුදාව යනු රැකියාවක් නොව ඕනෑම ව්‍යසනයකදී ජනතාවත් රටත් දෙපයින් නගාසිටුවන වෙනම ගෝත්‍රයක් බව ආරක්‍ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා පවසයි.
කෙරෝනා හමුවේ බලවත් රටවල් පරාජය වෙද්දී මෙරට කොරෝනා වෛරසය පාලනය කිරීමේ ගෞරවය සෞඛ්‍ය අංශ හා ආරක්‍ෂක අංශවලට හිමිවිය යුතු බව කිලිනොච්චියේ පැවති උත්සවයකට එක්වෙමින් ඒ මහතා ප්‍රකාශ කළේය.
ආරක්‍ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා උතුරේ සංචාරයක ඊයේ (17) නිරත වුණි. කොරෝනා වසංගතය පාලනය සඳහා අසීමිත කැප කිරීම් කරමින් උතුරු පළාතේ රැඳී සිටින ත්‍රිවිධ හමුදාව, පොලීසිය, සිවිල් ආරක්‍ෂක බලකාය යන අංශවල සුවදුක් විමසා බැලීම මෙන්ම ගැටලු නිරාකරණය කිරීම සංචාරයේ අරමුණ විය.
(Lanka Leads)