රටේ පවතින වත්මන් තත්වය පිළිබඳව සමාලෝචනය කිරීම සඳහා සියලු දිස්ත්‍රික් ලේකම්වරුන් ලබන සඳුදා (20) ජනාධිපති ලේකම් කාර්යාලය වෙත කැඳවා තිබෙනවා. මෙම සමාලෝචනයෙන් පසුව රාජ්‍ය ආයතනවල රාජකාරි ආරම්භ කිරීම සම්බන්ධයෙන් තීරණය කිරීමට නියමිත බවයි රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ලේකම් සිරිපාල හෙට්ටිආරච්චි මහතා පවසන්නේ.
20 වැනිදා සිට රාජ්‍ය අංශයේ ඇතැම් රාජකාරි ආරම්භ කිරීමට මේ වනවිටත් රජය තීරණය කර ඇති අතර එහි මුල් පියවර ලෙස අත්‍යවශ්‍ය සේවා සීමිත කාර්යමණ්ඩලයක සහභාගීත්වයෙන් ආරම්භ කිරීමට නියමිත වේ.
මේ වනවිටත් පාසල් සහ විශ්වවිද්‍යාල ආරම්භ කිරීම සඳහා රජය දින නියම කර තිබේ.
රටේ සාමාන්‍ය කටයුතු හැකි ඉක්මනින් ආරම්භ කර ඉන්පසු මහ මැතිවරණය කරා යාම ආණ්ඩුවේ අපේක්ෂාව වන අතර මහ මැතිවරණය පැවැත්වීමේ හැකියාව සම්බන්ධයෙන් ලබන සඳුදා දිස්ත්‍රික් ලේකම්වරුන් ලබාදෙන සමාලෝචනය ඉතා වැදගත් වනු ඇත.
(LNW)