මහ මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් මැතිවරණ කොමිෂන් සභාවේදී ලබන සදුදා පැවැත්වීමට නියමිතයි. මැතිවරණ කොමිසමේ අධ්‍යක්‍ෂ ජනරාල් සමන් ශී‍්‍ර රත්නායක සදහන් කළේ සාකච්ඡා වට දෙකක් මෙහිදී පැවැත්වෙන බවයි.
එක් සාකච්ඡාවක් මැතිවරණ කොමිසමේ නිලධාරීන් අතර පැවැත්වෙනු ඇති. අනෙක් සාකච්ඡාව සදහා සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්, යුද හමුදාපතිවරයා, පොලිස්පතිවරයා, තැපැල්පතිවරයා, මැතිවරණ භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා මෙන්ම සෞඛ්‍ය හා රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශවල ලේකම්වරුන් සහභාගිවීමට නියමිතයි.
මෙම සාකච්ඡාව මැතිවරණ කොමිෂන් සභාවේදී පැවැත්වෙන්නේ මහ මැතිවරණය සම්බන්ධයෙන් දේශපාලන වේදිකාවේ යළි කතාබහක් මතුව ඇති පසුබිමක් තුළයි.
හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර ආචාර්ය විජයදාස රාජපක්‍ෂ මැතිවරණ කොමිසම වෙත ලිපියක් යොමු කරමින් දන්වා ඇත්තේ මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් පවතින නීතියේ කිසිදු ව්‍යාකූලභාවයක් හෝ අවිනිශ්චිතතාවයක් නොමැති බවයි.
මැතිවරණයක් පැවැත්වීමේ බලය ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව මගින් මැතිවරණ කොමිසම වෙත පවරා ඇති බවද අදාළ ලිපියේ සදහන්. එබැවින් ඒ පිළිබද ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසීම අනවශ්‍ය කරුණක් බවයි ඔහු පවසන්නේ.
මෙම තීරණාත්මක මොහොතේ සිය යුතුකම සහ වගකීම පැහැර හරමින් රට තුළ ව්‍යාකූල තත්ත්වයක් ඇතිවීමට ඉඩ තැබුව හොත් ඊට මැතිවරණ කොමිෂන් සභාව වගකිවයුතු බව හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර ආචාර්ය විජයදාස රාජපක්‍ෂ සිය ලිපිය මගින් අවධාරණය කරනවා.
මේ අතර හිටපු කථානායක කරූ ජයසූරිය මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ කොවිඞ් නයින්ටීන් ව්‍යාප්තිය සැලකිල්ලට ගෙන පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීම මේ වනවිට නුසුදුසු බවයි. යම් හෙයකින් නියමිත කාලසීමාව තුළ මැතිවරණයක් පැවැත්වීමට නොහැකි වුවහොත් ව්‍යවස්ථා අර්බුදයක් ඇති විය හැකි බැවින් තත්ත්වය වළක්වා ගැනීමට ආණ්ඩුව සහ විපක්‍ෂය කටයුතු කළයුතු බවද හිටපු කථානායකවරයා පවසනවා.
කෙසේවෙතත් හිටපු රාජ්‍ය අමාත්‍ය මහින්දානන්ද අලූත්ගමගේ ඊයේ පැවසුවේ කොවිඞ් 19 වෛසරය පැතිර යාමේ අවදානම සම්පුර්ණයෙන්ම පාලනය කිරිමෙන් පසු මහ මැතිවරණය කෙරෙහි අවධානය යොමු කරන බවයි. මැතිවරණයකට වඩා ජනජීවිතය ආරක්‍ෂා කිරීම ආණ්ඩුවේ ප‍්‍රමුඛ කාර්ය බව ආරක්ෂක ලේකම්, විශ‍්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න ද ප‍්‍රකාශ කළා.
(Neth)