Friday, July 04, 2025
Follow Us
කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවේ අභ්‍යන්තර කටයුතු අද සිට ආරම්භ වේ

තැපැල් දෙපාර්තමේන්තුවේ මෙහෙයුම් කටයුතු අද (17) සිට ආරම්භ කර තිබෙනවා. ඒ, මාසයක පමණ කාලයකට පසුවයි. ඒ අනුව කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවේ අභ්‍යන්තර කටයුතු අද දිනයේ සිට ආරම්භ කරන බවයි තැපැල්පති රංජිත් ආරියරත්න නෙත් නිවුස් වෙත කියාසිටියේ.

කෙසේවෙතත් තැපැල් කාර්යාල ආශි‍්‍රත කවුළු රාජකාරී ආරම්භ කිරීම සිදු නොවන බව මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.

තැපැල්පති රංජිත් ආරියරත්න වැඩිදුරටත් කියාසිටියේ අද දිනයේදී තැපැල් කාර්යාල විවෘත කිරීමක් ද සිදුනොවන බවයි.

මේ අතර නිසි සෞඛ්‍ය ආරක්ෂිත ක‍්‍රමවේද භාවිත කරමින් තැපැල් භාණ්ඩ නිෂ්කාශනය කිරීමේ කටයුතු අද සිට සිදුකෙරෙන බව ශ‍්‍රී ලංකා රේගුව ද පවසනවා. රේගු මාධ්‍ය ප‍්‍රකාශක සුනිල් ජයරත්න නෙත් නිවුස් වෙත කියාසිටියේ මාසයක කාලයක් රේගු කටයුතු සීමා කර තිබූ බවයි.

කෙසේවෙතත් තැපෑලෙන් මත්ද්‍රව්‍ය පැමිණීම වැළැක්වීම සදහා තවදුරටත් දැඩි කි‍්‍රයාමාර්ග යටතේ කටයුතු කරන බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.

මේ අතර ආයෝජන මණ්ඩලයට අයත් කර්මාන්ත ශාලා යළි විවෘත කිරීම කෙරෙහි රජයේ අවධානය යොමුවී තිබෙනවා. එහි එක් අදියරක් යටතේ හෝමාගම කර්මාන්තපුර දෙකක් අද විවෘත වුණා.

අමාත්‍ය ප‍්‍රසන්න රණතුංග සදහන් කළේ අවදානම් දිස්ති‍්‍රක්ක හැර සෙසු දිස්ති‍්‍රක්කවල කර්මාන්ත යළි ආරම්භ කිරීම කෙරෙහි රජයේ අවධානය යොමුව ඇති බවයි.

(Neth)