Friday, July 04, 2025
Follow Us
ඊයේ දිනය විශේෂයි. 221 දෙනෙකු පරීක්ෂා කළත් කිසිදු ආසාදිතයෙක් නෑ ! - හමුදාපති

ඊයේ (16) දිනයේ සමාජය තුළින් හෝ නිරෝධායන මධ්‍යස්ථාන තුළින් හෝ යන දෙආකාරයෙන්ම එකදු කොරෝනා රෝගියකුවත් වාර්තා වී නොමැති බව හමුදාපති ෂවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඒ මහතා පැවසුවේ ඊයේ දිනය තුළ 221 දෙනෙකු PCR පරීක්ෂණයට ලක්කර, වාර්තා ලබා ගත්ත ද ඒ අතරින් එක් අයකු හෝ ආසාදිතයකු වශයෙන් වාර්තා නොවූ බවයි.

ඒ අනුව ඔවුන් නිරෝධායන මධ්‍යස්ථානවලින් නිවෙස් කරා යැවීමට කටයුතු කළ හැකි බවයි ඒ මහතා සඳහන් කළේ.

(LNW)