Friday, July 04, 2025
Follow Us
ඉදිරි දින කිහිපය තුළ රාජ්‍ය සහ පෞද්ගලික අංශ සේවාවන් යළි ආරම්භ කිරීමේ සූදානමක්

ඉදිරි දින කිහිපය තුළ රාජ්‍ය සහ පෞද්ගලික යන දෙඅංශයේම සේවා කටයුතු යළි ආරම්භ කර දෛනික කටයුතු යථාවත් කිරීම කඩිනමින් කළයුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කර තිබේ.

දේශීය ආර්ථිකය මෙන්ම ජන ජීවිතය ද ආරක්ෂා වන ආකාරයට සියලු කටයුතු සිදුවිය යුතු බවයි ජනාධිපතිවරයා අවධාරණය කර ඇත්තේ.

ඒ අනුව රාජකාරි කටයුතු බාධාවකින් තොරව කරගෙන යාම සඳහා ඇඳිරි නීතිය ලිහිල් කිරීම කෙරෙහි ද අවධානය යොමුව ඇති බව සඳහන්.

ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කර තිබුණේ ඊයේ (15) අමාත්‍යාංශ ලේකම්වරුන් සමඟ පැවති සාකච්ඡාවකදීය.

(LNW)