Thursday, May 09, 2024
Follow Us
පාසල් වෑන් රථ සඳහාත් 5000ක දීමනාව - ඇතැම් පාසල් වෑන් රථ රියදුරන් දෙමාපියන්ගෙන් අප්‍රේල් ගාස්තුවත් ඉල්ලයි

පාසල් ළමුන් ප‍්‍රවාහනය කරන වෑන් රථ රියදුරන්ට සහ තී‍්‍ර රෝද රථ රියදුරටන්ට ද රුපියල් 5,000 දීමනාව ලබාදීමට රජය තීරණය කර තිබෙනවා.

අමාත්‍ය මහින්ද අමරවීර ප‍්‍රකාශ කළේ කොරෝනා වෛරසය හේතුවෙන් නිසි ආදායමක් නොමැතිව පීඩාවට පත්ව සිටින මෙම පාර්ශ්ව සඳහා ද මෙලෙස රුපියල් 5,000 දීමනාව ලබාදීමට රජය තීරණය කර ඇති බවයි.

රුපියල් 5,000 ක මූල්‍ය දීමනාව තමන්ට ද ලබාදෙන ලෙස පාසල් ළමුන් ප‍්‍රවාහනය කරන වෑන් රථ රියදුරන්ගේ සංගම් සහ තී‍්‍ර රෝද රථ රියදුරටන්ගේ සංගම්, රජයෙන් කළ ඉල්ලීමක් අනුව අදාළ මුදල ඔවුන්ට ද ලබාදීමට තීරණය කළ බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

අදාළ රුපියල් 5,000 මූල්‍ය දීමනාව බස්රථ රියදුරන්ට සහ කොන්දොස්තරවරුන්ට ද ලබාදීමට රජය එකගත්වය පළ කර තිබෙනවා.

කෙසේවෙතත් ඇතැම් පාසල් වෑන් රථ රියදුරන් පසුගිය දින කිහිපයේ දෙමාපියන් වෙත කතා කරමින් අප්‍රේල් මාසයට අදාළ පාසල් වෑන් රථ ගාස්තු ද ඉල්ලා සිටීම් වාර්තා වුණා.

(Neth)