Thursday, May 09, 2024
Follow Us
අටලුගම හුදකලා කිරීමේ පියවරයන් ඉවත් කරයි

හුදකලා කර තිබුණු බණ්ඩාරගම, අටලූගම ප‍්‍රදේශය අද (14) හුදකලා කිරීම අවසන් කෙරුණා. අටලූගම ප‍්‍රදේශය හුදකලා කෙරුණේ ඉකුත් මාර්තු මස 27 වැනිදායි.

නිරෝධායනයට යොමු කර සිටි පිරිසෙන් පමණක් ගතවූ සතියේදී කොරෝනා ආසාදිතයින් හමුවූ බවයි යුද්ධ හමුදාපති ලූතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පැවසුවේ.

කොරෝනා ආසාදිතයින් ඇසුරු කළ පුද්ගලයින් වහාම නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කිරීමට පියවර ගැනීම හේතුවෙන් රටතුළ කොරෝනා වෛසරය ව්‍යාප්තවීම පාලනය කිරීමට හැකි වූ බවයි යුද්ධ හමුදාපතිවරයා වැඩිදුරටත් ප‍්‍රකාශ කළේ.

මේ වනවිට මෙරටින් වාර්තා වන නව කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 218 ක්. ඉන් රෝගීන් 155 දෙනෙකු රෝහල්ගතව ප‍්‍රතිකාර ලබනවා.

සුවය ලබා රෝහලින් කොරෝනා ආසාදිතයින් 56 දෙනෙකු පිටව ගොස් ඇති බවයි සෞඛ්‍ය ප‍්‍රවර්ධන කාර්යංශය පැවසුවේ.

වෛද්‍යවරුන්ගේ අධීක්ෂණය යටතේ රෝහල්ගතව සිටින සැක සහිත රෝගීන් සංඛ්‍යාව 117 ක්. මේ වනවිට මෙරටින් කොරෝනා මරණ 07 ක් වාර්තා වනවා.

(Neth)