Thursday, May 09, 2024
Follow Us
අප්‍රේල් 19න් කොරෝනා තුරන් කරන කතාවක් මම කිව්වෙ නෑ, එකක් දෙකක් එන්න පුළුවන් - පවිත්‍රා

අප්‍රේල් 19 වනදායින් පසු ශ්‍රී ලංකාව කොරෝනා රෝගයෙන් තුරන් රටක් වන බවට තමන් ප්‍රකාශ නොකළ බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා දේවී වන්නිආරච්චි මහත්මිය පවසයි.

"කිසිම වෙලාවක මම කිව්වෙ නැහැ රට විවෘත කරන කතාවක් හෝ එහෙම නැත්නම් දවස් කීපයක් ඇතුළත මේ රටින් සම්පූර්ණ ලෙඩේ පහව යනවා කියන කතාවක්. මම කිව්වෙ අපට දවස් 30ක් යනකොට සාමාන්‍යයෙන් රෝගීන් සිටිනවා නම් රෝග ලක්ෂණ පහළ වෙන්න ඕනි දවස් 14ක් ඇතුළත. ඉතිං ඒවගේ දෙගුණයක්, ඒවගේ සර්කල්ස් දෙකක් යනවා කියන එක පමණයි මම කිව්වෙ.

අපි ගුවන් තොටුපල 19 වැහුවා, එතකොට මේ මාසෙ 19 වෙනකොට මේ සර්කල්ස් දෙකක් යන්න ඉඩකඩ තියෙනවා. ඒවගේම රටේ විශාල පිරිසක් නිරෝධායනයට ලක් කරලා තියෙනවා. ඒවගේම රෝගියාට සම්බන්ධ බොහෝ පිරිස් නිරෝධායනයට ලක් කරලා තියෙනවා. ඒවගේම රටේ ඇඳිරි නීතියක් තියෙනවා. සංචරණය සීමා කරලා තියෙනවා. ඉතිං එවැනි කාරණා ඇතුළත රෝගීන් ඉන්නවා නම් මේ දවස් 30 ඇතුළත බොහෝවිට මතු වෙන්න ඕනි. අන්න ඒ කාරණය ඇරෙන්න මම කියපු නැති කාරණයක් චතුර ඔය වාර්තා වෙන්නෙ.

මම කිව්වෙ දෙයියන්ගෙ පිහිටෙන් දවස් 30ක් විතර යනකොට මේ රෝගීන් ඉන්නවා නම් මේ රටේ මතුවෙන්න ඕනෙ කියලා. දැන් අපට තේරෙනවා අප මේ කඳවුරුගත සහ ඒවගේම රෝග ලක්ෂණ පහළ නොවිච්ච අය තමයි අප මේ පරීක්ෂා කරගෙන යන්නෙ. නමුත් අපි අපට රටේ ඇතිවෙන තරමට පරීක්ෂණ උපකරණ අපි ගෙනල්ලා තියෙනවා, අපි ඒවට මහන්සි වෙලා.

ඉතිං අපි ඒ වගකීම රජය විසින් ඉටු කරලා තියෙනවා සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ඉටු කරලා තියෙනවා. ඒක නිසා අපට කිසිම ගැටළුවක් නෑ, අපි පුළුවන් තරම් පරීක්ෂණ වැඩි කරනවා. ඒ කියන්නෙ මේ රෝගය ලංකාවෙන් සදහටම තුරන් වෙනවා කියන එක නෙවෙයි, යම්කිසි එකක් දෙකක් තැනින් තැන මතුවෙන්න ඉඩක් තියෙනවා. එහෙම නෑ කියනවා නෙවෙයි. අපි දිගින් දිගටම මේ පරෙස්සම, අපි මේ මීටරයක් දුරින් ඉඳගෙන මේ ලෙඩේ බෝවීම නවත්ත ගන්න කරන කාරණා අපි ඉටුකළ යුතුයි " යනුවෙනුයි ඒ මහත්මිය සඳහන් කළේ.

පවිත්‍රා දේවී වන්නිආරච්චි මහත්මිය මේ බව පැවසුවේ දෙරණ රූපවාහිනී නාලිකාවේ වැඩසටහනක් සමඟ අද (14) උදෑසන එක්වෙමිනි.

(LNW)