Friday, July 04, 2025
Follow Us
නිරෝධායනය වූ තවත් 91ක් නිවෙස් බලා යයි - අටලුගම ගැන පැතිරෙන කටකතාවන්ටත් පිළිතුරු

නිරෝධායන මධ්‍යස්ථානවලදී නිරෝධායනයට ලක් කර සිටි තවත් 91 දෙනෙකු නිවෙස් බලා පිටත්ව ගොස් තිබෙනවා.

නව කොරෝනා ආසාධිත නැතැයි පී සී ආර් පරීක්ෂණ වලින් තහවුරු කර ගත් පිරිසක්ද ඒ අතර වන බවයි යුද්ධ හමුදාපති ලූතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පැවසුවේ.

මේ අතර හුදෙකලා ප‍්‍රදේශයක් ලෙස නම් කර ඇති බණ්ඩාරගම අටලූගම ගම්මානයෙන් ඇතැම් පිරිස් රහසිගතව පිටව ගොස් ඇතැයි ආශී‍්‍රත ප‍්‍රදේශවල රාවයක් පැතිර යනවා.

එහෙත් එවැන්නක් සිදු නොවන පරිදි පොලිසිය ඉතා ඕනෑකමන් රාජකාරී ඉටු කරන බවයි නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන පැවසුවේ. හුදෙකලා ප‍්‍රදේශයක් ලෙස නම් කර ඇති ගම්මානයකින් පිටව යාම හෝ ඊට අනුබල දීමද දඩුවම් ලැබිය හැකි වරදක් බවද මෙහිදී සිහිපත් කෙරුණා.

බණ්ඩාරගම අටලූගම ගම්මානයෙන් ඇතැම් පිරිස් රහසිගතව පිටව ගොස් ඇතැයි පැතිර යන රාවයන්ගේ සත්‍යයක් නැතැයි ද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.

(Neth)