Saturday, April 27, 2024
Follow Us
රට සුරක්ෂිතවූ විගස විදෙස්ගත ශ‍්‍රී ලාංකිකයින් ගෙන්වා ගන්නවා

රට තුළ පවතින කොවිඞ් 19 වසංගත අවධානම ඉවත්වී රට සුරක්ෂිත තත්ත්වයට පත්වීමෙන් පසු මෙම ව්‍යසනයට මැදිවී මෙරටට පැමිණීමේ අපේක්ෂාවෙන් සිටින විදේශගත ශ‍්‍රීලාංකිකයින් ගෙන්වා ගැනීමට අවශ්‍ය කටයුතු කරන බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

කෙසේ වෙතත් යම් විශාල ආපදාකාරීතත්ත්වයක් ඇතිවුවහොත් එවැනි ශ‍්‍රීලාංකිකයින් සම්බන්ධයෙන් රජයක් ලෙස අවශ්‍ය සියලූම පියවර ගන්නා බවත් ,ගැටලූකාරී තත්ත්වයන් තිබේනම් ඒපිළිබඳව එම රටවල පිහිටි ශ‍්‍රීලංකා තානාපති කාර්යාල වෙත දන්වා සිටින ලෙසත් , ඒ සම්බන්ධයෙන් සියලූම රටවල පිහිටි ශ‍්‍රීලංකා තානාපති කාර්යාල දැනුවත්කර අවශ්‍ය උපා⁣දෙස් ලබාදී ඇති බවත් අගමැතිවරයා සඳහන් කරයි.

⁣වගකිවයුතු රජයක් හැටියට ⁣ විදෙස් ගතව සිටින ශ‍්‍රීලාංකිකයන් සම්බන්ධයෙන් පැහැදිලි අවබෝධයකින් යුතුව හා නිරන්තර අවධානයෙන් පසුවන බවත් අගමැති මහින්ද රාජපක්ෂ මහතා සති අන්ත පුවත්පතකට ප්‍රකාශයක් කරමින් වැඩිදුරටත් මේ බව පවසා ඇත.

(Lanka LEads)