Thursday, February 12, 2026
Follow Us
ප‍්‍රදේශ කිහිපයකට පැය 12ක ජල කප්පාදුවක්

අද (11) පස්වරු 04සිට ප‍්‍රදේශ කිහිපයකට පැය 12ක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා. කැළණිය, පෑලියගොඩ, වත්තල සහ මබෝල මෙලෙස ජල සැපයුම අත්හිටුවන ප‍්‍රදේශ කිහිපයක්.

කටුනායක, සීදුව, බියගම, මහර, දොම්පේ යන ප‍්‍රදේශවලට සහ ගම්ලහ ප‍්‍රාදේශීය සභා බල ප‍්‍රදේශයේ කොටසකට ද මේ සමග ජල සැපයුම අත්හිටුවනු ඇති. අපහසුතා වලක්වා ගැනීමට කල් ඇතිව ජයල රැස්කර තබා ගන්නැයි ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පාරිභෝගිකයන්ගෙන් ඉල්ලීමක් කළා.