Friday, July 04, 2025
Follow Us
කොරෝනා මර්ධනයට දායකවිය හැකි නව නිපැයුම් 109ක්

කොරෝනා වෛරසය රට පුරා ව්‍යාප්ත වීමත් සමග එම වෛරසය මර්දනය සඳහා දායක විය හැකි නව නිපැයුම් 109 ක් සිය ආයතනය වෙත ලැබී ඇති බව ශී‍්‍ර ලංකා නව නිපැයුම්කරුවන්ගේ කොමිසම පවසනවා. එහි කොමසාරිස් මහාචාර්ය රංගික හල්වතුර නෙත් නිවුස් වෙත කියා සිටියේ එම නිර්මාණ අතරින් 13 ක් වැඩි දියුණු කිරීම සඳහා මූල්‍යාධාර ලබා දීමට නව නිපැයුම්කරුවන්ගේ කොමිසම දැනටමත් පියවර ගෙන ඇති බවයි.

ලැබී ඇති සියලූ නව නිපැයුම් ඇගයීමට ලක් කර එම නව නිපැයුම්කරුවන්ට අවශ්‍ය සියලූ සහය ලබා දීමට සිය ආයතනය සූදානම් බව ද ශී‍්‍ර ලංකා නව නිපැයුම්කරුවන්ගේ කොමිසමේ කොමසාරිස් මහාචාර්ය රංගික හල්වතුර වැඩිදුරටත් සඳහන් කළා.

එම නව නිපැයුම් ස`දහා පේටන්ට් බලපත‍්‍ර ලබා ගැනීමට අවශ්‍ය සහය ලබා දෙන බව ද මෙහිදී වැඩිදුරටත් ප‍්‍රකාශ කෙරුණා.