කොවිඩ් 19 වෛරසය ආසාදනය වූවන් ඇසුරු කළ පුද්ගලයන් 42000ක් දිවයින පුරා සිටින බවට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කර ඇති ප්‍රකාශ අසත්‍ය බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ පවසයි.
මෙවැනි පුද්ගලයන් 42000ක් සිටින බවට එම සංගමය කළ ප්‍රකාශයකට පිළිතුරු ලබාදෙමින් ඔහු මේ බව පැවසීය මේ අතර පී.සී.ආර්. පරීක්ෂණ සිදුකිරීම වැඩිකර ඇති බවත්, ඉදිරි දිනවලදී පොළොන්නරුව, කොතලාවල ආරක්ෂක විද්‍යාල රෝහල, යාපනය, මහරගම, අපේක්ෂා යන රෝහල්වලද මෙම පරීක්ෂණ ආරම්භ කරන බවද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා අවධාරණය කර සිටියේය.