Thursday, February 12, 2026
Follow Us
වසා දැමු කුරුණෑගල රෝහලේ හදිසි අනතුරු ප්‍රතිකාර ඒකකය යළි විවෘත කරයි

කුරුණෑගල ශික්ෂණ රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකය යලි විවෘත කර තිබේ.

හදිසි රෝගී තත්වයක් හේතුවෙන් ප්‍රතිකාර ලබා ගැනිමට රෝහලට පැමිණි රෝගියෙකුගෙන් කොරෝනා වෛරස් රෝග ලක්ෂණ පෙන්නුම් කිරිම හේතුවෙන් හදිසි ප්‍රතිකාර ඒකකය තාවකාලිකව වසා දැමිමට රෝහල් බලධාරීන් ඊයේ පස්වරුවේ පියවර ගෙන තිබුණා.

කුරුණෑගල ශික්ෂණ රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ චන්දන කැඳන්ගමුව මහතා සඳහන් කළේ හදිසි ප්‍රතිකාර ඒකකය සම්පුර්ණයෙන් විෂබීජහරණය කිරිමෙන් පසුව නැවත අද පෙරවරුවේ විවෘත කළ බවයි.