Friday, July 04, 2025
Follow Us
විදුලි බිල්පත් ගෙවීම ගැන ජනතාවට දැනුම් දීමක්

නව කොරෝනා වෛරසය හේතුවෙන් රට තුළ පවතින තත්ත්වය සලකා, විදුලි පාරිභෝගිකයින්ට විදුලි බිල්පත් ගෙවීම සඳහා මේ මස 30 වැනිදා දක්වා සහන කාල සීමාවක් ලබා දීමට විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා.

විෂයභාර අමාත්‍ය මහින්ද අමරවීර ලංකා විදුලිබල මණ්ඩලයට උපදෙස් ලබා දී ඇත්තේ, පසුගිය පෙබරවාරි මාසයේ සිට මාසික විදුලි බිල ගෙවීමට නොහැකිව සිටින විදුලි පාරිභෝගිකයින්ගේ නිවෙස්වලට කිසිදු අයුරකින් විදුලි කප්පාදුවක් සිදු නොකරන ලෙසයි.

ලෝක වෙළඳපොලේ ඉන්ධන මිල වෙනස්වීම් සිදු වුව ද, එළඹෙන නොවැම්බර් මාසය දක්වාම අඛණ්ඩ විදුලි උත්පාදනය සඳහා අවශ්‍ය ගල් අගුරු තොග නොරොච්චෝලේ බලාගාරය සතුව පවතින බැවින් කිසිදු කප්පාදුවකින් තොරව ජනතාවට විදුලිය ලබා දිය හැකි බව ද විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

(Neth)