ශ්‍රී ලංකා රජය, සෞඛ්‍ය අමාත්‍යංශය,ත්‍රිවිධ හමුදාව සහ පොලීසිය විසින් මේ දක්වා අඛණ්ඩව ගනු ලැබූ පියවර හේතුවෙන් රට තුළ වෛරසය ව්‍යාප්ත වීම පාලනය කර ගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවසුවේය.
ඔහු මේ බව සඳහන් කළේ ඊයේ (08) කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික මධ්‍යස්ථානයේ පැවති මාධ්‍ය හමුවේදීය.
එසේ නොවන්නට මේ අවස්ථාව වන විට රට තුළ වෛරසය ආසාදනය වූවන් විශාල ප්‍රමාණයක් වාර්තා වීමට ඉඩ තිබුණු අතර එමඟින් සෞඛ්‍ය කාර්ය මණ්ඩල ද දැඩි අපහසුතාවකට පත්වීමට ඉඩ තිබුණු බව අනිල් ජාසිංහ මහතා සඳහන් කළේය.
මේ වන විට ඉරණවිල රෝහලද විවෘත කර තිබෙන අතර කොළඹ,ගම්පහ,කළුතර සහ පුත්තලම යන දිස්ත්‍රික්ක ආවරණය කරමින් බේරුවල,ඉරණවිල,හෝමාගම සහ මිනුවන්ගොඩ යන ස්ථානවල කොවිඩ් 19 සක කරන කරන රෝගීන් සඳහා රෝහල් 4ක් ස්ථාපනය කර තිබෙන බවයි ඔහු කියා සිටියේ.
දිවයිනේ ඕනෑම ප්‍රදේශයක සිටින තැනැත්තෙකුට මෙම වෛරසයට අදාළව රෝග ලක්ෂණ මතුව ඇත්තේ නම් රෝහලකට යාමට පෙර 1390 සහ 1999දුරකථන අංක අමතා හෝ මයි හෙල්ත් ඇප් එක මඟින් වීඩියෝ තාක්ෂණය ඔස්සේ වෛද්‍ය උපදෙස් ලබා ගෙන රෝහලක් කරා යොමුවිය හැකි බවද
සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් පැවසුවේය.
(LNW)