Thursday, February 12, 2026
Follow Us
මුහුදු රළ ගොඩබිමට පැමිණීමේ අවධානමක්

පුත්තලම සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශ වලට අදාලව කාළගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව විසින් නිවේදනයක් නිකුත්කොට තිබෙ.

එම නිවේදනයට අනුව එම මුහුදු ප්‍රදේශ වල මුහුදු රළ ආසන්න වශයෙන් මීටර් 2ක් 2.5ක් පමණ (මෙය ගොඩමබිමට එන රළට අදාල උස නොවේ) ඉහළ යාමේ හැකියාවක් පවතින අතර මුහුද රළු ස්වාභාවයකින් යුක්තව ගොඩබිම වෙතට එම රළ පැමිණීමේ හැකියාවක්ද පවතී.

එම නිසා ධීවර සහ නාවුක ප්‍රජාවට මේ සම්බන්ධයෙන් අවධානය යොමු කරන ලෙස එම දෙපාර්තුමේන්තුව ඉල්ලා සිටියි.

(Lanka Leads)