Monday, March 30, 2026
Follow Us
මත්පැන් අලෙවිසැල් රැසකට සුරාබදු දෙපාර්තමේන්තුව මුද්‍රා තබයි

ඇඳිරි නීතිය පැනවීමත් සමග මත්පැන් අලෙවිසැල් වසා තැබීම හේතුවෙන් ප‍්‍රදේශ රැසක නීති විරෝධී මත්පැන් නිෂ්පාදනය ඉහළ ගොස් ඇති බවට ජනතාවගෙන් පැමිණිලි ලැබී ඇතැයි සුරාබදු දෙපාර්තමේන්තුව පවසනවා.

බලපත‍්‍ර හිමි ඇතැම් මත්පැන් අලෙවිසැල්වල පිටුපස දොරටුවෙන් මත්පැන් අලෙවි කරන බවට ද තොරතුරු වාර්තා වී ඇති බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

ඒ අනුව මත්පැන් අලෙවිසැල් රැසකට මුද්‍රා තැබූ බවයි සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ පැවසුවේ.

නීතිවිරෝධී මත්පැන් නිෂ්පාදනය කරන ආකාරය දැක්වෙන වීඩියෝ සහ එවැනි අදහස් සමාජ මාධ්‍ය ඔස්සේ ද හුවමාරු වෙමින් තිබෙනවා. එවැනි නීතිවිරෝධී කි‍්‍රයා සඳහා අනුබල දෙන පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමට පසුබට නොවන බව ද සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ නෙත් නිවුස් වෙත කියා සිටියා.

(Neth)