Friday, July 04, 2025
Follow Us
කොරෝනා සමයේ නව නිපැයුම් සිදුකරන්නන්ට රජයෙන් සහන මල්ලක්

කොරෝනා මර්දන වැඩසටහනට එක්ව සිටින කර්මාන්තකරුවන් සහ නව නිපැයුම්කරුවන්ට අවශ්‍ය සියළු පහසුකම් ලබාදීමට ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය තීරණය කර තිබෙනවා.

සෞඛ්‍ය අංශවලට අත්‍යවශ්‍ය දැඩි සත්කාර ඒකක ඇදන්, කෘතීම ශ්වසන උපකරණ ආදි වෛද්‍ය සහ සායනික උපකරණ මෙරටදී නිපදවීමට බොහෝ දෙනෙකු දැනටමත් කටයුතු කර අවසන්.

එවැනි පුද්ගලයින්ට අනුග‍්‍රහය ලබාදීමටත් කොරෝනා වසංගතයෙන් මිදුණු පසු රටට අවශ්‍ය කාර්මික නිෂ්පාදන රට තුළම නිපදවා ගැනීම මෙම වැඩපිළිවෙලේ අරමුණයි.

ඒ අනුව එවැනි කර්මාන්තකරුවන් හා නව නිපැයුම්කරුවන්ට 0718063292 හා 0714288473 අංක ඔස්සේ සම්බන්ධ වන ලෙසයි ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය දැනුම් දෙන්නේ.

(Neth)