Monday, September 15, 2025
Follow Us
කොළඹ අඩු ආදායම් පවුල් වෙත මහජන ආධාර ලබා දීම හෙට

කොළඹ නාගරික බලප‍්‍රදේශයේ අඩු ආදායම්ලාභි සහ අඩු පහසුකම් සහිත පවුල් වෙනුවෙන් සෑම මසකම සිදුකරන මහජන ආධාර ලබාදීම හෙට (08) ආරම්භ කරනවා.

කොළඹ නාගරික කොමසාරිස් චම්පිකා දිසානායක පැවසුවේ ලබන 10 වැනිදා තෙක් කොළඹ නාගරික බලප‍්‍රදේශයේ කොට්ඨාශ 47 තුළ දීම මෙම මහජන ආධාර ලබාදීම සිදුකරන බවයි.

කොළඹ නාගරික බලප‍්‍රදේශයේ ජිවත් වන අඩු ආදායාම්ලාභි සහ අඩු පහසුකම් සහිත පවුල් සංඛ්‍යාව 12,970 ක්. කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් ඇති වු හදිසි තත්ත්වය මත මාර්තු මාසයට හිමි මහජන ආධාර අදාළ පුද්ගලයින් වෙතටම ගොස් ලබාදීම මෙහිදි සිදුකරනු ඇති.

ජනතාවගේ සෞඛ්‍ය ද ආරක්‍ෂා වන පරිදි පොලීසියේද සහය ඇතිව මෙම වැඩපිළිවෙල කි‍්‍රයාත්මක කිරීමට අපේක්‍ෂිතයි. මෙම මහජන ආධාර ගෙවීම මීට පෙර සිදු කෙරුණේ නාගරික තැපැල් කාර්යාල 15 ක් මගින්.

(Neth)