Friday, July 04, 2025
Follow Us
රාජකාරි හැඳුණුම්පත ඇඳිරි නීති බලපත්‍රයක් ලෙස තවදුරටත් වලංගුයි

අත්‍යවශ්‍ය සේවාවල නිරත වන පුද්ගලයන්ට සිය රාජකාරී හැඳුණුම්පත ඇඳිරි නීති බලපත්‍රයක් ලෙස භාවිතා කිරීම සඳහා දී තිබූ අවසරය තවදුරටත් දීර්ඝ කිරීමට පොලීසිය තීරණය කර තිබෙනවා. නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසන්නේ අප්‍රේල් 20 වැනිදා දක්වා එම කාලය දීර්ඝ කළ බවයි.

මෙම අවසරය අත්‍යවශ්‍ය සේවා සඳහා පමණක් බලපැවැත්වෙන බැවින් එම අවසරය අවභාවිතා කිරීමේ වැලකී කටයුතු කරන ලෙස ද ආරක්ෂක අංශ අදාල පුද්ගලයන්ගෙන් ඉල්ලා සිටිනවා.

(LNW)