Monday, September 15, 2025
Follow Us
දිස්ත්‍රික්ක 19 ක ඇඳිරි නීතිය තාවකාලිකව ඉවතට

ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ, කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම, මහනුවර සහ යාපනය යන දිස්ත්‍රික්ක හැර සෙසු සියලුම දිස්ත්‍රික්කවල දැනට ක්‍රියාත්මක ඇඳිරි නීතිය අද(06) උදෑසන 6.00 සිට තාවකාලිකව කර තිබේ.

එම දිස්ත්‍රික්ක සඳහා අද සවස 2ට යළි ඇඳිරි නීතිය පනවනු ලබන බවද රජය නිවේදනය කරයි.

කොරෝනා වෛරසය ව්‍යාප්තවීම පාලනය කිරිම සඳහා මුළු දිවයිනටම බලපාන ලෙස ඇදිරි නීතිය ක්‍රියාත්මක කෙරුණේ පසුගිය 20 වෙනිදා සිටයි.

එදින සිට අද දක්වා කොළඹ, ගම්පහ සහ යාපනය දිස්ත්‍රික්කවලට දින 11ක කාලයක් ඇඳිරි නීතිය පනවා තිබේ.

අදාළ කාලය තුළ එම දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය ලිහිල් කරනු ලැබුවේ, පැය 8ක කාලයක් පමණයි.

එම කාලය තුළ කලුතර දිස්ත්‍රික්කයට වාර දෙකක් ඇදිරි නීතිය ඉවත් කරනු ලැබූ අතර සෙසු දිස්ත්‍රික්ක සඳහා මේ වනවිට වාර 5ක් ඇදිරි නීතිය ඉවත් කර තිබේ.

ඉකුත් 24 වෙනිදා සිට කොළඹ, ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්ක සඳහා නැවත දැනුම් දෙනතුරු නොකඩවා ඇඳිරි නීතිය ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කළේ එම දිස්ත්‍රික්ක කොරෝනා ව්‍යාප්තියේ ඉතා අවදානම් කලාප ලෙස හදුනාගැනීමත් සමඟයි.

පසුව පුත්තලම, මහනුවර සහ යාපනය දිස්ත්‍රික්කද අවදානම් සහගත කලාප ලෙස හදුනා ගැනුණි.

(Lanka Leads)