Thursday, July 03, 2025
Follow Us
ඇඳිරිනීතිය ලිහිල් කරනු ලැබුවත් රෝගය පැතිරීම වැලැක්වීම සඳහා ගත යුතු සියලු ආරක්ෂාකාරී ක්‍රියාමාර්ග අනුගමනය කරන්න

ඇඳිරිනීතිය ලිහිල් කරනු ලැබුවත් රෝගය පැතිරීම වැලැක්වීම සඳහා ගත යුතු සියලු ආරක්ෂාකාරී ක්‍රියාමාර්ග අනුගමනය කරන ලෙස සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නි ආරච්චි මහත්මිය ඉල්ලා සිටියි.

COVID – 19 වෛරසය අසාදිත ව අවසන් වතාවට මිය ගිය රෝගියා වයස අවුරුදු 44 ක වෙනත් කිසිඳු රෝගයකින් නොපෙළුණු අයෙකු වන හෙයින් මෙම වෛරස අසාදනය වීමේ භයානක තත්ත්වය අවබෝධ වන බව සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ඊයේ (05) COVID - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථනයේ දී ප්‍රකාශ කර සිටියාය.

ඒ අනුව, මෙම වෛරසය මුළු රට තුළම ව්‍යාප්ත වුවාට පසු එය මැඩලීමට කටයුතු කරනු වෙනුවට ඊට පෙර ව්‍යාප්ත වීම වැළක්වීමට රජය විසින් කටයුතු කරනු ලබන අතර මෙරට ජනතාවගේ අවශ්‍යතා පිළිබඳ සළකා බලා රජය විසින් දිස්ත්‍රික්ක ගණනාවකට පැය කිහිපයකට ඇඳිරිනීතිය ලිහිල් කරනු ලැබුවත් රෝගය පැතිරීම වැලැක්වීම සඳහා ගත යුතු සියලු ආරක්ෂාකාරී ක්‍රියාමාර්ග අනුගමනය කරන ලෙස සෞඛ්‍ය ඇමතිනිය මහජනතාවට දැනුම් දී සිටි.

ජනාධිපතිතුමා විසින් පත්කරන ලද කාර්යය සාධක බළකායේ ප්‍රධානී බැසිල් රාජපක්ෂ මහතා ඇතුළු රජය විසින් තීන්දු කර ඇති පරිදි ඇතුළු අද(6) දිනයේ දී සියළුම අබාධිත, වැඩිහිටි, සහ වකුගඩු අබාධ ඇති ආධාර ලබන පුද්ගලයින් ව එනුවෙන් රුපියල් 5,000 ක දීමනාවක් ග්‍රාම නිළධාරීන් හරහා නිවසටම විත් ලබා දීමටත්, තමන්ගේ රැකියාව අහිමි වූ, එදිනෙදා ජිවත් වීම සඳහා අපහසුතාවයට පත් වූ ජනතාවටත් පත් කරන ලද කමිටුව හරහා 07 වන දා සිට ඉතා ඉක්මණින් කටයුතු කරන බවත් මෙහි දී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය අවධාරණය කර සිටියාය.

(News.lk)