ගොවි විශ‍්‍රාම වැටුප් සහ ධීවර විශ‍්‍රාම වැටුප් ලබාදීම හෙට (06) සිට ආරම්භ කරන බව තැපැල් දෙපාර්තමේන්තුව පවසනවා.
කෙසේවෙතත් තැපැල් දෙපාර්තමේන්තුව පැවසුවේ ගොවි විශ‍්‍රාම වැටුප් හිමි පුද්ගලයින්ගේ ලිපිනයන් බොහෝමයක් තහවුරු කර ගැනීමට නොහැකිවීම හේතුවෙන් නිවෙස් වෙතට ගොස් විශ‍්‍රාම වැටුප ලබාදීම ගැටළුවක් වී ඇති බවයි.
මෙම තත්ත්වය සැලකිල්ලට ගනිමින් ග‍්‍රාම සේවක වසම් මට්ටමින් තැපැල් කාර්යාල වෙත අදාළ පිරිස් කැඳවීමටයි තීරණය කර ඇත්තේ.
කෙසේවෙතත් හැකි සෑම ප‍්‍රදේශවලම ගොවි විශ‍්‍රාම වැටුප නිවෙස් වෙත බෙදා හැරීමට පියවර ගන්නා බවයි තැපැල්පති රංජිත් ආරියරත්න සදහන් කළේ.
ධීවර විශ‍්‍රාම වැටුප් ද තැපැල් කාර්යාල හරහා හෙට සිට ලබාදෙන බවයි මෙහිදී ප‍්‍රකාශ කෙරුණේ.
මේ අතර ඉකුත් 02 වැනිදා සහ 03 වැනිදා යන දිනවලදී සිය විශ‍්‍රාම වැටුප් ලබාගත නොහැකි වූ විශ‍්‍රාමිකයින්ට හෙට දිනයේදී බැංකු වෙත ගොස් එම සිය විශ‍්‍රාම වැටුප ලබාගැනීමේ හැකියාව පවතිනවා. ඒ සඳහා ති‍්‍රවිද හමුදාව විසින් ප‍්‍රවාහන පහසුකම් සැපයීමට ද නියමිතයි.
(Neth)