Thursday, July 03, 2025
Follow Us
කොරෝනා සැක රෝගීන් රඳවන්න තවත් රෝහල් දෙකක් වෙන් කෙරේ

නව කොරෝනා වෛරසය වැලදී ඇති බවට සැක කරන රෝගීන් ඇතුලත් කිරීම සඳහා මිනුවන්ගොඩ සහ බේරුවල රෝහල් වෙන් කළ බව සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ සඳහන් කර සිටිනවා.

එමෙන්ම පුත්තලම දිස්ත්‍රික්කයේ එවැනි සැක සහිත රෝගීන් සඳහා ඉරණවිල පිහිටි වොයිස් ඔෆ් අමෙරිකා ගොඩනැගිල්ලේ ඇඳන් 50 කින් යුත් තාවකාලික රෝහලක් ඉදි කර ඇති බවත් එය දින දෙකකින් විවෘත කරන බවයි සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා කියා සිටියේ.

එමෙන්ම කොළඹ ප්‍රදේශයේ කොරෝනා සැක සහිත රෝගීන් ඇතුලත් කිරිම සඳහා හෝමාගම රෝහල වෙන් කර ඇති බවයි සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා කියා සිටියේ.

මිනුවන්ගොඩ රෝහලට හෙට දිනයේ සිට බේරුවල රෝහලද තව දින දෙකකින් විවෘත කරන බවයි සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා කියා සිටියේ.

(Neth)