Thursday, July 03, 2025
Follow Us
අත්‍යවශ්‍ය ද්‍රව්‍ය නිසි පරිදි බෙදා නොහරින පුද්ගලයන්ගේ බලපත්‍ර අහෝසි කිරීමට යයි

ඇඳිරි නීතිය කි‍්‍රයාත්මක කාලය තුළ අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය නිවෙස් වෙත බෙදා හැරීම සඳහා බලපත‍්‍ර නිකුත් කර ඇති පුද්ගලයින් එම වැඩපිළිවෙල නිසි පරිදි සිදු නොකරන්නේ නම් ඔවුන්ගේ බලපත‍්‍ර අහෝසි කිරීමට අදාළ ප‍්‍රාදේශීය ලේකම්වරුන් වෙත බලය පවරා තිබෙනවා.

බොහෝ ප‍්‍රදේශවල අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය නිවෙස් වෙත බෙදා හැරීම සාර්ථකව කි‍්‍රයාත්මක වුව ද ඇතැම් ප‍්‍රදේශවල එම වැඩපිළිවෙල නිසි පරිදි කි‍්‍රයාත්මක නොවන බවට තොරතුරු වාර්තා වුණා.

කෙසේ වෙතත්, කොළඹ දිස්ති‍්‍රක්කයේ බොහෝ ස්ථානවල භාණ්ඩ බෙදා හැරීම සාර්ථකව කි‍්‍රයාත්මක වනවා.

(Neth)