Thursday, February 12, 2026
Follow Us
සියලු රාජ්‍ය සේවකයන්ට උත්සව පූර්ණ දීමනාව දෙන්නැයි ඉල්ලයි

අනියම් හා ආදේශක සේවකයන්ට පමණක් නොව ඉල්ලුම් කර ඇති සියලුම රාජ්‍ය සේවකයන්ට උත්සව පූර්ව දීමනාව ලබා දෙන ලෙස විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරන වෘත්තීය සමිති විස්සක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගෙන් ඊයේ (30 වැනිදා) ලිඛිත ඉල්ලීමක් කර ඇත.

සමස්ත ලංකා රාජ්‍ය කළමනාකරණ නිලධාරීන්ගේ සංගමය, ශ්‍රී ලංකා තැපැල් හා විදුලි සංදේශ සේවා සංගමය, වාරිමාර්ග පොදු සේවක සංගමය, ආණ්ඩුවේ කම්කරු සමිති සංගමය, රාජ්‍ය කර්මාන්ත ශාලා සේවක සංගමය ඇතුළු වෘත්තීය සංගම් මෙම ඉල්ලීම කර තිබේ.

මෙම වසරේ උත්සව පූර්ව දිමනාව අනියම් හා ආදේශක සේවකයන්ට පමණක් ලබා දෙන බව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය චක්‍රලේඛයක් මගින් පෙරේදා (29 වැනිදා) දැනුම් දුන්නේ ය.

(Aruna)