Thursday, July 03, 2025
Follow Us
කොරෝනාවෙන් බේරෙන්න සතියක් එකම වේලාවට පිරිත් කියන්නැයි රජය ඉල්ලයි

අප්‍රේල් 01 වැනිදා සිට දින 07ක් දිනපතා රාත්‍රී 07.00 සුට 08.00 දක්වා කාලය තුළ සියලු විහාරස්ථානවල ඝණ්ඨාර නාද කොට, ශබ්ද විකාශන යන්ත්‍ර මඟින් පන්සිල් සමාදන් කර, අනතුරු බුද්ධ වන්දනාව සිදු කර පසුව රත්න සුත්‍රය සහ ගිරිමානන්ද සුත්‍රය ඇතුලුව පිරිත් දේශනා කොට ප්‍රදේශවාසී පිංවතුන්ටත් රටවාසී හා ලෝකවාසී ජනතාවටත් නීරෝගී බව හා ජිවිත ආරක්ෂා වෙත්වා යන සත්‍යක්‍රියාවක් සිදු කරන ලෙස ද රජය‍‍ මහා සංඝරතනයෙන් ඉල්ලා සිටී.

ඒ අනුව ඉහත ආකාරයෙන් එකම වේලාවට බෞද්ධ ආගමික වතාවත් ආරම්භ කර එකම වේලාවට අවසන් කර රාත්‍රී 07.55ට සත්‍යක්‍රියාව සිදු කිරීමෙන් එය විශාල අධ්‍යාත්මික බලයක් වී මෙරට සහ ලෝකවාසී ජනතාවට යහපතක් වනු ඇතැයි රජය විශ්වාස කරන බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයෙන් දැක්වෙන්නේ.

(LNW)