Thursday, July 03, 2025
Follow Us
සාමාන්‍ය පෙළ ප්‍රතිඵල අප්‍රේල් 30 ට පෙර - උසස් පෙළ කල් දැමීමේ තීරණයක් නෑ !

2019 වසරේ අධ්‍යයන සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල ලබන අප්‍රේල් 30 වැනිදාට පෙර නිකුත් කිරීමට හැකිවනු ඇතැයි අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා. විභාග දෙපාර්තමේන්තුව සමග එක්ව ප්‍රතිඵල නිකුත් කිරීම සඳහා අවශ්‍ය කටයුතු සිදු කරමින් සිටින බවයි අධ්‍යාපන අමාත්‍යංශය පවසන්නේ.

මේ අතර අගෝස්තු මාසයේදී පැවැත්වීමට නියමිත උසස් පෙළ විභාගය කල්දැමීම සඳහා මෙතෙක් කිසිදු තීරණයක් ගෙන නොමැති බව ද අමාත්‍යංශය අවධාරණය කරනවා. ඒ සම්බන්ධයෙන් පැතිර යන කටකතා සම්පූර්ණ අසත්‍ය බවත්, කල් දැමීමේ අවශ්‍යතාවයක් දැනට මතුව නොමැති බවත් අධ්‍යාපන බලධාරීන් පවසයි.

එවැනි අසත්‍ය තොරතුරු සමාජගත නොකරන ලෙසත්, රජය විසින් නිකුත් කරන නිළ ප්‍රකාශ සහ නිවේදන කෙරෙහි පමණක් විශ්වාසය තබන ලෙසත් අධ්‍යාපන අමාත්‍යංශය ජනතාවගෙන් ඉල්ලා සිටී.

(LNW)