මාර්තු 01 වනදා සිට සේවයෙහි පිහිටුවූ උපාධිධාරීන් 45,000කට අධික පිරිස කොරෝනා මර්ධන රාජකාරි සඳහා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලවලට අනුයුක්ත කිරීමට රජය තීරණය කර තිබේ.
මහමැතිවරණය කැඳවන ආසන්නයේ මෙම පත්වීම් ලබාදීමට රජය කටයුතු කර තිබුණු නිසා මෙම රැකියාලාභීන්ගේ පුහුණු කටයුතු මැයි මාසය දක්වා කල්දැමීමට මැතිවරණ කොමිසම විසින් නියම කර තිබිණි.
කෙසේවෙතත් මේ වනවිට උද්ගත වී ඇති තත්වය මත සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් කළ ඉල්ලීමකට අනුව ඔවුන්ව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලවලට අනුයුක්ත කිරීමට තීරණය කළ බවයි රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලේකම්වරයා නිවේදනය කරන්නේ.
කෙසේවෙතත් ඇඳිරි නීතිය හේතුවෙන් ඔවුන්ට සේවයට වාර්තා කිරීමෙහි අපහසුතා මතුවිය හැකි බැවින් අද (30) දිනයේදී ඔවුන් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලවලට හෝ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට වාර්තා කිරීම අත්‍යවශ්‍ය නොවන බවත් සේවයට වාර්තා කිරීම සම්බන්ධයෙන් ඉදිරියේදී ඔවුන්ව දැනුවත් කරන බවත් එම නිවේදනයෙහි සඳහන්.
(LNW)