Thursday, July 03, 2025
Follow Us
කොවිඩ් සමග ගැවසුණ 19,000 ක් ගැන වෛද්‍ය සංගමය සෙවිල්ලෙන් තව දින 13ක් ඇතුළත දී රෝගීන්ගේ විශාල වැඩිවීමක්!

දැනට වාර්තා වන කොවිඩ් 19 ආසාදිතයන් සමග සබඳතා පැවැත්වූ පුද්ගලයන් 19,000ක් සෞඛ්‍ය හා ආරක්ෂක අංශ විසින් නිරීක්ෂණය කරමින් සිටින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ප්‍රකාශ කරයි. එම සංගමය පවසන්නේ පවතින දත්ත සැලකිල්ලට ගත් විට මාර්තු 25 සිට අප්‍රේල් 7 වැනිදා දක්වා කාලයේදී රෝගීන් සංඛ්‍යාවේ විශාල වැඩිවීමක් බලාපොරොත්තු විය හැකි බවයි.

එසේම ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන පරිදි බෝවන රෝගයක තුන්වන අවස්ථාව ලෙස හඳුන්වන තත්ත්වයට ශ්‍රී ලංකාව මුහුණ දී සිටින බවද එම සංගමය පවසයි. ඇඳිරි නීතිය ලිහිල් කිරීමෙන් ජනතාව නිවාසවල රඳවා සිදු කරන දුරස්ථකරණය බිඳ වැටෙන බවද පැවසේ.

(Lanka Leads)