Saturday, October 17, 2026
Follow Us
වැට් බදු ගෙවීමට සහන කාලයක්

වැට් බදු ගෙවීමේ කාල සීමාව දීර්ඝ කිරීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව තීරණය කර ඇත.

ඒ අනුව පෙබරවාරි සහ මාර්තු සඳහා වන වැට් බදු ගෙවීමට අප්‍රේල් 30 තෙක් සහන කාලයක් ලබා දීමට ඔවුන් කටයුතු කර ඇත.

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් නිවේදනයක් නිකුත් කරමින් මේ බව ප්‍රකාශ කරයි.

(Aruna)