Friday, July 04, 2025
Follow Us
රාජ්‍ය සේවකයින්ගේ වැටුප් දෙන දිනය යළි සංශෝධනය වෙයි

රාජ්‍ය සේවකයින්ගේ අපේ‍්‍රල් මස වැටුප අපේ‍්‍රල් 8 වැනිදා ලබාදීමට තීරණය කර තිබෙනවා. මීට පෙර තීරණය කර තිබුණේ රාජ්‍ය සේවක වැටුප අපේ‍්‍රල් 10 වැනිදා ලබාදීමටයි. රාජ්‍ය සේවකයින් ලක්‍ෂ 14 ක් වෙනුවෙන් වැටුප් ගෙවීම සඳහා රුපියල් බිලියන 78 ක් වෙන් කෙරෙනවා.

අපේ‍්‍රල් මාසයට අදාළ විශ‍්‍රාම වැටුපද අපේ‍්‍රල් 3 වැනිදා ලබාදෙන බවයි මුදල් අමාත්‍යාංශය පැවසුවේ. විශ‍්‍රාමිකයින් ලක්‍ෂ පහ හමාරක් සඳහා විශ‍්‍රාම වැටුප් ගෙවීමට වෙන් කරන මුදල රුපියල් බිලියන 22 ක්.

මුදල් අමාත්‍යාංශ ලේකම් එස්. ආටිගල පැවසුවේ සමෘද්ධි, වැඩිහිටි දීමනා සහ පොලීසියට ලබාදෙන දීමනාද කල්වේලා ඇතිව ලබාදීමට පියවර ගන්නා බවයි. කෙසේවෙතත් රාජ්‍ය සේවකයින්ට අපේ‍්‍රල් මාසයේ ලබාදෙන උත්සව අත්තිකාරම් මෙවර ලබානොදීමටයි තීරණය කර ඇත්තේ.

රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය පැවසුවේ රාජ්‍ය නිලධාරීන්ට අත්තිකාරම් ලෙස ලබාදී ඇති ණය වෙනුවෙන් අපේ‍්‍රල් සහ මැයි මාස සදහා අයවිය යුතු වාරික සහ පොලිය රාජ්‍ය නිලධාරී වැටුපෙන් අය නොකරන බවයි.

මේ අතර පොලිස්පතිවරයාගේ නියෝග පරිදි සියළු පොලිස් නිලධාරීන්ගේ නිවාඩු හා දින විවේක වහාම කි‍්‍රයාත්මක වන පරිදි අපේ‍්‍රල් 10 වැනිදා දක්වා අවලංගු කර තිබෙනවා.

(Neth)