Friday, July 04, 2025
Follow Us
දිස්ත්‍රික්ක 5ක ඇඳිරි නීතිය තාවකාලිකව ඉවත් කරයි

පුත්තලම, සහ උතුරු පළාතේ වව්නියාව, මන්නාරම, කිලිනොච්චිය සහ මුලතිව් යන දිස්ත්‍රික්කවලට තාවකාලිකව ඉවත් කෙරුණු ඇඳිරි නීතිය පස්වරු 02.00 යලි ක්‍රියාත්මක කිරිමට නියමිතයි.

එම දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය මාර්තු මස 30 වන සඳුදා පෙරවරු 06.00ට යලි තාවකාලිකව ඉවත් කර එදිනම පස්වරු 02.00ට යළි පැනවෙන බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

මේ අතර කොළඹ, ගම්පහ සහ කළුතර යන දිස්ත්‍රික්කවලට සහ යාපනය දිස්ත්‍රික්කයට පනවා ඇති ඇඳිරි නීතිය යළි දැනුම් දෙන තුරු අඛණ්ඩව ක්‍රියාත්මක වෙයි.

සෙසු දිස්ත්‍රික්කවලට ඊයේ පස්වරු 02.00 සිට ක්‍රියාත්මක කළ ඇඳිරි නීතිය ලබන 30 වන සඳුදා පෙරවරු 06.00ට ලිහිල් කිරිමට නියමිතයි.

(Lanka Leads)