Tuesday, September 16, 2025
Follow Us
ජන ජීවිතය යථා පරිදි පවත්වාගෙන යාමට අවශ්‍ය මෙහෙයුම් බලය ජනාධිපති කාර්ය සාධක බලකායට

කොරෝනා වෛරසය ශ්‍රී ලංකාවෙන් තුරන් කිරීමේ දී ජන ජීවිතය යථා පරිදි පවත්වාගෙන යාම සඳහා වූ මෙහෙයුම් බලය ජනාධිපති කාර්ය සාධක බලකායට පවරා තිබෙනවා. ඒ ජනාධිපතිවරයාට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පැවරී ඇති බලතල ප්‍රකාරවයි.

ඒ අනුව එම ජනාධිපති කාර්ය සාධක බලකායේ සභාපතිධුරය විශේෂ නියෝජිත බැසිල් රාජපක්ෂටත්, අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් ඇන්ටන් පෙරේරා ලේකම් ධුරයටත් පත් කර ඇත.

පළාත් ආණ්ඩුකාරවරුන්, අමාත්‍යාංශ රැසක ලේකම්වරුන්, ත්‍රිවිධ හමුදාපතිවරු, වැඩබලන පොලිස්පතිවරයා ඇතුළු ආරක්ෂක අංශ ප්‍රධානින්, දෙපාර්තමේන්තු, සංස්ථා සහ අධිකාරි රැසක සභාපතිවරුන්, දිස්ත්‍රික් ලේකම්වරුන්, ප්‍රාදේශීය ලේකම්වරුන් ඇතුළු 40 දෙනෙක් ගෙන් සමන්විත පිරිසක් එහි සාමාජිකයින් ලෙස කටයුතු කරනු ලබයි.

ජනාධිපතිවරයා විසින් විශේෂ ගැසට් නිවේදනයක් මගින් කාර්ය සාධක බලකායට පැවරෙන බලතල සහ කාර්යන් ප්‍රකාශයට පත් කර ඇත.

කොරෝනා වෛරසයේ පැතිරීයාමේ වැඩි අවධානමක් සහිත කොළඹ, කළුතර, ගම්පහ, පුත්තලම, යාපනය, මන්නාරම, කිලිනොච්චිය, වව්නියාව සහ මුලතිව් දිස්ත්‍රික්ක වලට ප්‍රමුඛත්වය ලබා දෙමින් සෙසු දිස්ත්‍රික්ක කෙරෙහි කාර්ය සාධක බලකායේ අවධානය යොමුවිය යුතුය.

(Neth)