Thursday, February 12, 2026
Follow Us
සියළු බැංකු, රක්ෂණ සේවා සහ මහ භාණ්ඩාගාරය අත්‍යාවශ්‍ය සේවා යටතට

ශ්‍රී ලංකා මහ බැංකුව, වාණිජ බැංකු, රක්ෂණ සේවා සහ මහ භාණ්ඩාගාරය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා විසින් අත්‍යාවශ්‍ය සේවා ගණයට ඇතුළත් කර තිබෙනවා.

සෞඛ්‍ය, ආරක්ෂක, පොලිස්, භාණ්ඩ බෙදාහැරීම්, රේගු කටයුතු, විදුලිය, ජලය සහ ඉන්ධන සැපයීම, සෙසු අත්‍යාවශ්‍ය සේවාවන් වනවා.

එබැවින්, ඇඳිරි නීතිය ක්‍රියාත්මක කාලය තුළ ද ජනතාවගේ මූලික අවශ්‍යතා සපුරාලනු පිණිස අවම සේවක සංඛ්‍යාවක් සහිතව ශ්‍රී ලංකා මහ බැංකුව, සමස්ත බැංකු හා රක්ෂණ ආයතන හා ඒවායේ ශාඛා සේම මහ භාණ්ඩාගාරය ද විවෘතව තබන මෙන් ජනාධිපති ලේකම් ආචාර්ය පි.බී ජයසුන්දර මහ බැංකු අධිපති මහාචාර්ය ඩබ්.ඩී. ලක්ෂ්මන් හට අද(26) ලිඛිතව දැනුම් දී ඇත.

ජනාධිපතිතුමා, ජනාධිපති ලේකම්, ප්‍රධාන කාර්යය මණ්ඩලය හා ජනාධිපති කාර්යාලය සෑම දිනකම සේවා අවශ්‍යතා සඳහා පූර්ණ කාලීනව ක්‍රියාත්මක බවද ආචාර්ය ජයසුන්දර සිය ලිපියෙන් පෙන්වා දී ඇත.

(Neth)