Thursday, February 12, 2026
Follow Us
ඇඳිරිනීතිය අප්‍රේල් පළමු සතිය තෙක් දිග් ගැහෙන ලකුණු

කොවිඩ් – 19 වෛරසය පැතිර යාම වැළැක්වීම සඳහා දැනට පනවා ඇති ඇඳිරි නීතිය අප්‍රේල් මස පළමු සතිය අවසන් වන තුරු බලාත්මක කිරීමට ඇමැති මණ්ඩලය ඊයේ (25 වැනිදා) අවධානය යොමු කර ඇත.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී මෙම පැවැත්විණි. මෙහිදී කොවිඩ් – 19 වෛරසය පැතිර යාම වැළැක්වීම සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කර ඇත.

ජනතාවට අවශ්‍ය සහන ලබා දෙමින් දැඩි තීන්දු තීරණ ගන්නා බව ජනාධිපතිවරයා මෙහිදී ප්‍රකාශ කර ඇත. අඩු ආදායම්ලාභී ජනතාවට බඩු මල්ලක් ප්‍රදානය කිරීම ගැනද මෙහිදී සාකච්ඡා කර ඇත.

(Lanka Leads)