කෝවිඩ් 19 වෛරසය ව්‍යාප්තව ඇති රටවලට සිට පැමිණෙන ශ්‍රී ලාංකිකයන් නිරෝධායන ක්‍රියාවලිය සඳහා යොමු කිරීමේදී ඔවුන්ට රුපියල් 7500 ක මුදලක් ලඟ තබාගන්නැයි දන්වා තිබුණේ පොකට් මනි ලෙස බව හිටපු ඇමති කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසනවා.
නිරෝධායන ක්‍රියාවලිය සඳහා කිසිදු මුදලක් අය නොකරන බවත් ආහාර පාන ඇතුළු සියලු පහසුකම් නොමිලේ රජයේ වියදමින් ලබාදෙන බවත් රඹුක්වැල්ල මහතා පවසනවා. ඊයේ (13) කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මේ බව සඳහන් කර තිබේ.
රජය මගින් ලබාදෙන ආහාර පානවලට අමතරව රෝල්ස්, පැටිස් වැනි ආහාර වර්ග මිලදී ගැනීම සඳහා නිරෝධායන මධ්‍යස්ථානවල පහසුකම් සලසා ඇති බවත්, පොකට් මනි තබා ගන්නැයි කියා තිබුනේ ඒ සඳහා බවත් ඔහු පෙන්වා දෙනවා. මෙය ඇතැම් පුද්ගලයන් වැරදි ලෙස තේරුම් ගනිමින් සමාජය තුළ වැරදි මතයක් නිර්මාණය කළ බවයි රඹුක්වැල්ල මහතා පවසන්නේ.
(LNW)