Tuesday, July 01, 2025
Follow Us
කොරෝනා ගැන අනවශ්‍ය බියක් එපා-අගමැතිගෙන් විශේෂ ප්‍රකාශයක්

කොරෝනා වෛරසය සම්බන්ධයෙන් අනවශ්‍ය බියක් ඇති කර නොගත යුතු බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

අග්‍රාමාත්‍යවරයා පෙන්වා දෙන්නේ රටට අවශ්‍ය ඖෂධ හා ආහාර ද්‍රව්‍ය ප්‍රමාණවත් පරිදි සැපයීමට රජය කටයුතු යොදා ඇති බවයි.

විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මෙම අදහස් පල කළේය.

කොරෝනා වෛරස ව්‍යාප්තිය සම්බන්ධයෙන් සියලු තොරතුරු කඩිනමින් ජනතාව වෙත ලබාදීමට පියවර ගන්නා බව ද අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා එහිදී සදහන් කළේය.

(Lanka Leads)