Thursday, May 16, 2024
Follow Us
දිවයිනේ සියලුම පාසැල් අප්‍රේල් 20 දක්වා වසා දැමේ

කොරෝනා වෛරසය පාලනය කිරීම සඳහා දිවයිනේ සියලුම පාසැල් හෙට සිට මෙම මස අප්‍රේල් 20 වෙනිදා දක්වා වසා තැබෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කර සිටිනවා.

ඒ අනුව අප්‍රේල් 06 වෙනිදා ආරම්භ වීමට පාසැල් නිවාඩුව හෙට සිට ලබා දීමට තීරණය කළ බවයි අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම ප්‍රකාශ කර සිටියේ. මේ දක්වා ශ්‍රී ලංකාවෙන් වාර්තා වන්නේ එක් කොරෝනා රෝගියෙක් බවත් ඒ හේතුවෙන් කිසිදු අනියත බියක් ජනතාව ඇති කර නොගත යුතු බවයි ඇමතිවරයා ප්‍රකාශ කර සිටියේ.

කොරෝනා ආසාධිත රෝගියෙක් වාර්තා වීමත් සමග පාසැල් පද්ධතිය පුරා දැඩි ගැටළුකාරි තත්ත්වයක් ඇතිවූ බව අධ්‍යාපන අමාත්‍යවරයා සඳහන් කර සිටියා.

අධ්‍යාපන අමාත්‍යවරයා කියා සිටියේ පාසැල් සිසු සිසුවියන් බහුලව අධ්‍යාපනය ලබන පෞද්ගලික උපකාරක පංතිද රජය විසින් ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් සිය අවධානය යොමු කරන ලෙසයි.

මේ අතර හෙට සිට අප්‍රේල් 20 වෙනිදා දක්වා දිවයිනේ සියලුම කතෝලික පාසැල් වසා දැමීමට තීරණය කර තිබෙනවා.

(Neth)