කොරෝනා වෛසරය ව්‍යාප්තව තිබෙන රටවල සිට ශ්‍රී ලංකාවට පැමිණෙන පුද්ගලයන් නිරෝධායනය කිරීම සඳහා රුපියල් 7,500 ක මුදලක් අය කරන බවට පැතිර යන කටකතාව සම්පූර්ණ අසත්‍ය බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.
එවැනි කිසිදු මුදලක් අය නොකරන බවත් සියලු පහසුකම් නොමිලයේම සපයන බවත් යුද හමුදාපතිවරයා අවධාරණය කරනවා.
මෙම නිරෝධායන කටයුතු යුද හමුදාවේ පූර්ණ මැදිහත්වීම මත සිදු කෙරේ.
කෙසේවෙතත් අද (10) උදෑසන නිරෝධායන කටයුතු සඳහා ගෙනයාමට සූදානම්වූ 181 දෙනෙකුගෙන් යුත් පිරිසකට ඔවුන්ගේ ආහාර පාන සඳහා රු. 7500ක මුදලක් අය කෙරෙන බවට පත්‍රිකාවක් බෙදා දී තිබුණු අතර මේ සම්බන්ධයෙන් රටපුරා දැඩි විරෝධයක් ද පළවී තිබිණි.
(LNW)