පාර්ලිමේන්තු මහා මැතිවරණය සඳහා තරග කිරීමේ අපේක්ෂාවෙන් පසුගිය (06 වැනිදා) වන විට ස්වාධීන කණ්ඩායම් 24 ක් ඇප මුදල් තැන්පත් කර ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.
ස්වාධීන කණ්ඩායමකින් තරග කරන අපේක්ෂකයකු තැන්පත් කළයුතු ඇප මුදල රුපියල් 2000.00 කි.ඉකුත් 03 වැනිදා සිට මෙම ඇප මුදල් තැන්පත් කිරීම ආරම්භ විය.
වන්නි දිස්ත්‍රික්කය සඳහා ස්වාධීන කණ්ඩායම් පහක්ද, යාපනය දිස්ත්‍රික්කය සඳහා ස්වාධීන කණ්ඩායම් හයක්ද, මඩකලපුව දිස්ත්‍රික්කයට ස්වාධීන කණ්ඩායම් තුනක්ද, කළුතර, කොළඹ සහ පුත්තලම යන දිස්ත්‍රික්ක සඳහා ස්වාධීන කණ්ඩායම් දෙක බැගින්ද, ගම්පහ, නුවරඑළිය, ගාල්ල සහ ත්‍රිකුණාමලය යන දිස්ත්‍රික්ක සඳහා ස්වාධීන කණ්ඩායම බැගින්ද ඇප මුදල් තැන්පත් කර ඇත.
(Aruna)