ලෝක වෙළදපොලේ ඉන්ධන මිල පහල යාම හේතුවෙන් එහි වාසිය මෙරට ජනතාවට ලබාදීමට ආණ්ඩුවේ අවධානය යොමුවී තිබෙන බව නෙත් නිවුස් මින් පෙර අනාවරණය කළා..
ඒ අනුව විෂය භාර අමාත්‍ය මහින්ද අමරවීර පවසන්නේ මෙරට ඉන්ධන මිල සංශෝධනය කිරීම සම්බන්ධයෙන් මේ සතියේදී කැබිනට් මණ්ඩලය දැනුවත් කිරීමට පියවර ගන්නා බවයි.
ලෝක වෙළදපොළේ බොර තෙල් මිල ගණන් අද දිනයේද වාර්තාගත ලෙස පහළ ගොස් තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ අද වනවිට බොරතෙල් බැරලයක මිල 25% ත් 30% ත් අතර අගයකින් පහළ ගොස් ඇති බවයි.
1991 වසරෙන් පසු දිනක් තුළ තෙල් මිල පහල ගිය වැඩිම අගය මෙය ලෙසටයි සැලකෙන්නේ. බි‍්‍රතාත්‍යයේ මෙන්ම අමෙරිකාවේ බොරතෙල් මිල ගණන් ද වාර්තා ගත ලෙස පහත වැටී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.
සෞදි අරාබිය විසින් බොරතෙල් මිල පහත දැමීම මෙම තත්ත්වයට ආසන්න වශයෙන් හේතු වී තිබෙනවා.
(NEth)