Thursday, May 16, 2024
Follow Us
"තැපැල් ඡන්දයක වියදම වැඩියි - ඉල්ලුම් කර පාවිච්චි නොකර ඉන්න එපා"

2020 මහ මැතිවරණයේ තැපැල් ඡන්ද අයදුම්පත් භාරගැනීම අද (06) ආරම්භ වනවා. එය ලබන 16 වැනිදා දක්වා සිදුකෙරෙන බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

එහි කොමසාරිස් ජනරාල් සමන් ශී‍්‍ර රත්නායක පැවසුවේ තමන්ට අදාළ දිස්ති‍්‍රක්කයේ තේරීම්භාර නිලධාරිවරයා වෙත තැපැල් ඡන්ද අයැඳුම්පත් භාර දිය යුතු බවයි.

තැපැල් ඡන්ද ඉල්ලූම් කරන්නන්ගෙන් මැතිවරණ කොමිසමේ කොමසාරිස් ජනරාල් සමන් ශී‍්‍ර රත්නායක මෙලෙස ඉල්ලීමක්ද සිදුකළා.

"තැපැල් ඡන්දයක් සඳහා අපිට සාමාන්‍ය ඡන්ද මධ්‍යස්ථානයකින් ඡන්දයක් පාවිච්චි කරනවාට වඩා වැඩි වියදමක් දරන්න සිද්ධ වෙනවා. ඒ නිසා ඔබ තැපැල් ඡන්දය ඉල්ලුම් කළා නම් අදාළ දිනවලදී එම තැපැල් ඡන්දය භාවිතා කිරීමට කටයුතු කරන්න."

2020 මහ මැතිවරණයේ තැපැල් ඡන්ද අයදුම්පත් භාරගැනීමේ මෙම කාලය දීර්ඝ නොකිරීමට තීරණය කර ඇති බවයි මෙහිදී ප‍්‍රකාශ කෙරුණේ. මහ මැතිවරණයේ නාම යෝජනා කැඳවීම මාර්තු 12 වැනිදා සිදුවනවා.

(Neth)