Thursday, May 16, 2024
Follow Us
අතුරු අයවැය සම්මත වුණේ නැහැ.. උපාධිධාරීන්ගේ පුහුණුව මැ. කො. තහනම් කළා… – ගත වූ දින 100 ගැන ජනපති නොසතුටින්

ජනාධිපති ධුරයට පත් වී ගත වූ දින 100 පිළිබඳ තමන්ගේ මට්ටමින් සතුටු නොවන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පවසයි.

මාධ්‍ය ආයතන ප්‍රධානීන් සමග ඊයේ (05 වැනිදා) දහවල් පැවැති සාකච්ඡාවකදී ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේය. අතුරු අයවැයක් සම්මත කිරීමට රජය උත්සාහ කළ ද එය සම්මත කර ගැනීමට නොහැකි වූ බවද ජනාධිපතිවරයා සඳහන් කළේය.

තම මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව උපාධිධාරීන් ලක්ෂයකට රැකියා ලබාදීමට සැලසුම් කළත් හැකි වූයේ 45,500 කට පමණක් බව ද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය. එම පත්වීම්ලාභී උපාධිධාරීන්ට ලබා දීමට යෝජිත පුහුණුව මැතිවරණ කොමිෂන් සභාව නතර කර තිබෙනවා. නමුත් පුහුණුව නතර කිරීමට හේතුවක් නැහැ.

පුහුණුව දේශපාලනයට හෝ මහ මැතිවරණයට අදාළ වන්නේ නැහැ. අයැදුම්පත් කැඳවීමේදී දේශපාලන පසුබිම බැලුවේ නැහැ. පුහුණුව අවසන් කිරීම සඳහා අවසර ඉල්ලා මැතිවරණ කොමිෂන් සභාවට ලිපියක් යොමු කිරීමට බලාපොරොත්තු වෙනවා’’ යැයි ජනාධිපතිවරයා අවධාරණය කර සිටියේය.

(Lanka Leads)