Wednesday, February 11, 2026
Follow Us
යහපාලන ඇමතිවරු 13 ක් තවමත් නිළ නිවාසවල, බාර නොදුන්නොත් නඩු !

පසුගිය යහපාලන ආණ්ඩුවේ ඇමතිවරුන් පිරිසක් තවමත් ඔවුන් භාවිතා කළ නිළ නිවාස ආපසු බාරදීමට කටයුතු කර නොමැති බව වාර්තා වේ. එසේ නිළ නිවාස බාර නොදුන් හිටපු ඇමතිවරුන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යංශය තීරණය කර තිබේ.

ඒ අනුව නිළ නිවාස නැවත බාර දී නොමැති ඇමතිවරුන් 13 දෙනෙකුට එරෙහිව නඩු පැවරීමට කටයුතු කරන බවයි ඒම අමාත්‍යංශය පෙන්වා දෙන්නේ.

යහපාලන ආණ්ඩුව අවසන් වී මේ වනවිට මාස හතරකට ආසන්න කාලයක් ගත වී ඇති අතර පසුගිය 20 වැනිදාට පෙර අදාල නිවාස නැවත බාරදෙන ලෙස අදාල ඇමතිවරුන්ට දන්වා තිබිණි. කෙසේ වෙතත් එම දැන්වීමට ද හිටපු ඇමතිවරුන් ප්‍රතිචාර දක්වා නොමැති අතර ඒ අනුව නඩු පැවරීමට තීරණය කර ඇති බවයි වාර්තා වන්නේ.

(LNW)