Monday, April 29, 2024
Follow Us
මැතිවරණය අවසන් වන තුරු උපාධිධාරී අභයාසලාභින් ගේ පුහුණුව අත්හිටුවන්න : මැකෝ දැනුම් දෙයි

උපාධිධාරී අභ්‍යාසලාභීන් ලෙස පුහුණුව ලබාදීම සහ ජන්ද ප්‍රතිපල නිකුත් කර සතියක් ගතවන තුරු අත්හිටුවන්නැයි මැතිවරණ කොමිසන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් පාලන අමාත්‍යාංශ ලේකම්වරයාට නියෝග කර තිබෙනවා.

2020 පෙබරවාරි මස අවසන් දින කිහිපය තුල සහ මාර්තු මස 01 සහ 02 දිනවලදී උපාධිධාරී අභ්‍යාසලාභීන් සඳහා පත්වීමේ ලිපි තැපැල් මාර්ගයෙන් යොමු කර ඇති බවයි මැතිවරණ කොමිසන් සභාව සඳහන් කර සිටින්නේ.

මෙම ජන්ද විමසීම් කාලය තුළ සේවයට වාර්තා කරන උපාධිධාරීන් අභ්‍යාසලාභින් ලෙස බඳවා ගනු ලබන්නේ ඉතා හදිසි සේවා අවශ්‍යතාවයක් මත හෝ පවත්නා පුරප්පාඩු සඳහා සිදු කෙරෙන බඳවා ගැනීමක් නොවන බවත් ඒ හරහා දේශපාලනමය ප්‍රවර්ධනයක් සිදුකරන බවට පැමිණිලි ලැබෙමින් පවතින බවයි මැතිවරණ කොමිසන් සභාවේ සභාපතිවරයා සඳහන් කර සිටින්නේ.

ඒ අනුව මැතිවරණය පවත්වා එහි ප්‍රතිපල නිකුත් කර සතියක් ගතවන තුරු උපාධිධාරී අභ්‍යාසලාභීන් සඳහා පුහුණුව ලබාදීම අත්හිටුවන ලෙසයි මැතිවරණ කොමිසන් සභාව දැනුම් දී ඇත්තේ.

(Neth)